Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th July 2023 14:09:31 Hours

නව 23 වන පාබල සේනාංකාධිපති ධුරයේ රාජකාරි අරඔයි

බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 ජූලි මස 07 වන දින 23 පාබල සේනාංකයේ 26 වැනි සේනාංකාධිපති ලෙස පුනානි සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී. හමුදා සම්ප්‍රදායන්ට අනුව බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සදහා කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් ගෞරවයෙන් පුදකල අතර, සේනාංක මුලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෞරවයෙන් පිළිගන්නා ලදී.

නව පත්වීම සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සමගින් තම කාර්යාලයේදී රාජකාරි භාරගත් අතර,එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීම ද සිදු කරන ලදී. තවද සියලු නිළයන් අමතා වත්මන් අභියෝගයන් හමුවේ ධනාත්මකව ආරක්ෂක හමුදාවන්හි කාර්ය්‍යභාරය සිදුකිරීම පිළිබද සියලු නිලධාරින් සහ සෙසුනිළයින් දැනුවත් කරන ලදි.

මෙම උත්සවය සඳහා බලසේනාධිපතිවරුන්, සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්,අණදෙන නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගි වූහ.