Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th July 2023 14:59:26 Hours

22 වන පාබල සේනාංක ප්‍රදේශයේ සිසුන් සහ භට පිරිස් සඳහා "නොයා යුතු තැන" නම් වූ සිරගත වීමේ තීරණාත්මක සහ කටුක ජීවිතය පිළිබඳ දේශනයක්

යහපත් දරු පරපුරක් රටට දායක කිරීමේ උදාර මෙහෙවරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් විවිධ විෂමාචාර ක්‍රියාකාරකම් හේතුවෙන් නීතිය හමුවේ වරද කරුවන් වූ අයවලුන් හට බන්ධනාගාරය තුලදී විදින්නට සිදුවන දුක්ගැහැට සබැදිව දැනුවත් කරමින් බලප්‍රදේශයේ සිසු දරු දැරියන් සුමගට යොමුකිරීමේ අරමුණින් ʻʻනොයායුතු තැනʼʼ නමින් විශේෂ දේශනයක් 2023 ජූලි මස 05 දින කන්තලේ නගර ශාලාවේදී සිසු දරු දැරියන් 600 කගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණයෙන් හා 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයෙන් යුතුව 5 වන ස්වේච්ඡා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ප්‍රියන්ත වෑකඩපොල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානත්වයෙන්, කන්තලේ අග්‍රබෝධි ජාතික පාසැල, කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය හා ගන්තලාව මහා විද්‍යාලය යන කන්තලේ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසැල් 03 ක අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා සහ සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) ජයන්ත සමන් අදාසූරිය මහතාගේ මෙහෙයවීමෙන් 08.30 පැයේ සිට 11.45 පැය දක්වා දේශනය පවත්වන ලදී.

එම දේශනයම 2023 ජුලි 05 වන දින 22 වන පාබල සේනාංකයේ සහ 222 වන පාබල බලසේනාවේ භටපිරිස් සඳහා 14.30 පැයේ සිට 17.00 පැය දක්වා කන්තලේ නගර ශාලාවේදී හමුදා සාමාජිකයින් නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා මෙම දේශනය පවත්වන ලදී. සවස දේශනය සඳහා 22 පාබල සේනාංකයේ සහ යටතේ පවතින බලසේනා සහ ඒකක වල නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 350 දෙනෙකු සහභාගී විය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමා සහභාගී වන ලද අතර, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, 22 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 222 වන පාබල බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී හා 5 වන ස්වේච්ඡා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහ, රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, පාසැල් වල විදුහල්පති වරුන් ඇතුළු ගුරුභවතුන් හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වන ලදී.