Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th June 2023 12:14:57 Hours

241 බලසේනාවේ භට පිරිස් අක්කරපත්තුව ස්වාමි විපුලානන්ද ළමා නිවාසයේ දරුවන්හට පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කරයි

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිවි චන්ද්‍රසිරි ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත 241 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා සමිබන්ධිකරණයෙන් 241 වන පාබල බළසේනාවේ භඨ පිරිස් විසින් 2023 ජුනි මස 24 වන දින අක්කරපත්තුව ස්වාමි විපුලානන්ද ළමා නිවාසයේ සිසුන් 40 දෙනෙකුට සදහා පාසැල් පොත් සහ පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති විසින් අදාළ පරිත්‍යාගයන් සදහා විදේශ රට වල හා මෙරට සිටින දානපතියන්ගේ දායකත්වය ලබා ගෙන ඇති අතර, එක් ළමයෙකු සදහා රුපියල් 10000 කින් යුත් ලක්ෂ හතරක් වටිනා පාසල් උපකරණ කට්ටල 40 ක් ළමුන් 40ක් වෙත බෙදාදෙන ලදි. දිස්ත්‍රික් 306A - 2 රයිගමිපුරවර සිංහ සමාජයේ සාමාජික මහත්ම මහත්මින්, අලිකාන් මහතා ( ඔසාකා ලංකා), එස් සිවදාසන් මහතා ( සිවා බෙදාහැරිමි සේවය), වෛද්‍ය ඒඒඊ නුවන් මධුශංක සහ අක්කරපත්තු රෝහලේ වෛද්‍යවරුන්, ප්‍රියන්තිද සිල්වා මහත්මිය (ඕස්ට්‍රේලියාව), ශිරෝන් ගුණවර්ධන මහතා (එක්සත් රාජධානිය) පොන්නසෙර්ල්වමි මහතා (ස්විටිසර්ලන්තය) යන මහත්ම මහත්මින් මෙම කාර්ය සාර්ථක කර ගැනිම සදහා මුදල් අනුග්‍රහය ලබාදි ඇත.