Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th June 2023 16:54:30 Hours

වැලිකන්ද ප්‍රදේශයේ වයස්ගත පුද්ගලයින් සදහා වෛද්‍ය සායනයක් හා අක්‍ෂි සායනයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය නැගෙනහිර මගපෙන්විම මත 233 පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් යුතුව 9 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යුඑස්පි පිඑස්සි හා ඒකක භඨපිරිස් විසින් හෙල්ප්ඒජ් ශ්‍රි ලංකා සංවිධානයේ ජංගම වෛද්‍ය හා අක්‍ෂි සායන ඒකකය සමග සම්බන්දවි වැලිකන්ද ප්‍රදේශයේ අවුරුදු 55 ට වැඩි සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් සහ අක්‍ෂි සායනයක් 2023.06.10 දින පවත්වන ලදි.

මෙම වෛද්‍ය සායනය වැලිකන්ද සිංහපුර ගැමුණුමහා විහාරස්ථානයේදි පැවැත්වු අතර පුර්ණ අනුග%හයකත්වය Suprem tv ආයතනය වෙතින් දරණ ලදි. වෛද්‍ය සායනයන් සදහා රෝගින් 250 ක් පමණ සහභාගි වු අතර එහිදි හදුනාගත් ඇස් කණ්නාඩි සහ අක්‍ෂි කාච ලබාදිය යුතු රෝගින් හට මසක පමණ කාලයක් ඇතුලත ලබා දිමට කටයුතු කරනු ලබයි.

මෙම අවස්ථාව සදහා ආසේමු(නැ), 23 පාබල සේමු හා 233 පාබල බසේමු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා 9 ශ්‍රිලකාහ භඨපිරිස් යුධ හමුදාව නියෝජනය කිරිම සදහා සහභාගි වු අතර වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්, හෙල්ප්ඒජ් ශ්‍රි ලංකා සංවිධානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු නිලධාරින් හා Suprem tv ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාංචන කොඩිතුවක්කු මහතා මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.