Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th June 2023 12:55:01 Hours

Little Sister of the Poor වැඩිහිටි නිවාසය සදහා මදුරැනාශක උපකරණ පරිත්‍යාග කිරීම

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ 2023 ජුනි 04 වන දින Little Sister of the Poor වැඩිහිටි නිවාසයට කෘමි නාශක යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී.

වැඩිහිටි නිවාසය සඳහා කෘමි නාශක යන්ත්‍ර 04ක් පරිත්‍යාග කරන ලද අතර එහි මුළු වටිනාකම රුපියල් 76000.00 කි. මෙම භාණ්ඩ එක්සත් රාජධානියේ නිශාන්තන් මහතා සහ මඩකලපුවේ Singing Fish Lions Club විසින් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, බලසේනාධිපති 231 පාබසේමු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ අතර, සිවිල් සම්බන්ධීකරන නිලධාරි, 4 ගැහේබ අණදෙන නිලධාරි , සහකාර පොලිස් අධිකාරී - මඩකලපුව, පොලිස් ස්ථානාධිපති - මඩකලපුව සහ Singing Fish Lions Club සාමාජිකයන් සහ 231 පාබසේමු භට පිරිස් සහභාගී වූහ.