Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th April 2023 21:43:22 Hours

සංඥා බලසේනාවේ නව බලසේනාධිපති 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක් සිදුකරයි.

සංඥා බලකා ඒකකයන්හි එකම (ස්වේච්ඡා) සංඥා බලකාය වන 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත නව බලසේනාධිපති වශයෙන් පත්වු කර්නල් නන්දන වීරතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අප්‍රේල් මස 04 වන දින බලසේනාවේ රාජකාරි භාර ගැනීමෙන් පසුව පළමු සංචාරය මෙම ඒකකය වෙත සිදුකර ඇත.

සංඥා බලසේනාවේ බලසේනාධිපති අණදෙන නිලධාරි මේජර් අසංක කොඩිකාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදානුකූලව කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව ඒකකයේ රාජකාරි නිරත නිලධාරින් සහ ප්‍රධාන තනතුරු හොබවනු ලබන බළලත් නිලධාරීන් සහ ජ්‍යෙකොනොනීන් සමග සමුහ ඡායාරූපයකටද පෙනි සිටින ලදි. ඉන් පසුව සිය සංචාරය සනිටුහන් කරමින් කදවුරු පරිශ්‍රය තුල අඹ පැලයක් රෝපණය කරන ලදි.

සංඥා බළසේනාධිපති පිළිබද අණදෙන නිලධාරි විසින් සිදුකල කෙටි හැදින්වීමකින් අනතුරුව සංඥා බළසේනාධිපති ඒකකයේ භටපිරිස් ඇමතීම සිදු කරන ලදි. එහිදි තම වෘත්තීය ජිවිතය තුල විනය රැක ගනිමින් වෘත්තිය දිවිය සාර්ථක කර ගන්නා අයුරු පෙන්ව දුන් අතර, එමෙන්ම සංඥා බලකායේ ඒකකයන් අතුරින් හොදම බලකායවිමේ වැදගත්කම සහ රාජකාරි ඉටුකිරීමේදි දුෂ්කරතා මගහරවා ගැනීම සදහා උපයෝගි කරගත හැකි නවෝත්පාදනයන් පිළිබදව අවධාරණය කර සංචාරයේ නිමාව සනිටුහන් කරමින් එතුමන් විසින් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක්ද තබන ලදි.