Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th March 2023 14:25:52 Hours

නැගෙනහිර ආඥාපතිවරයාගෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට විශේෂ දිවා ආහාරයක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ පවුලේ ධන පරිත්‍යාගයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මදුරන්කේනිකුලම් පාසලේ සහ කිරිමිච්චිඔඩෙයි පාසලේ ළමුන් සඳහා 6 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් දිවා ආහාර පැකට් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන පසුගිය සිකුරාදා (මාර්තු 24) දින එම පාසල් දෙකෙහිදි පවත්වන ලද අතර, මෙම වැඩසටහන සඳහා පාසල්වල ළමුන් සහ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ. උත්සවය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි, 23 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, සිවිල් කටයුතු නිලධාරි, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, 6 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන, අණදෙන නිළධාරී සහභාගී වන ලදී.