Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th March 2023 11:21:09 Hours

නැගෙනහිර ආඥාපති 23 වන පාබල සේනාංකය සහ එහි අණ යටතේ ඇති බලසේනා සහ ඒකක වෙත නිල සංචාරයක්

ආරක්‍ෂක සේනා (නැගෙනහිර)¸ ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මාර්තු 21 සහ 22 යන දිනයන්හිදී, 23 වන පාබල සේනාංකය යටතේ ඇති බලසේනා සහ බලඇණි වෙත නිල සංචාරයක නිරත විය.

නැගෙනහිර ආඥාපති 2023 මාර්තු 21 දින ප්‍රථම වරට තාරවිකුලම් හි පිහිටි 232 වන පාබල බලසේනාව වෙත පැමිණි අතර 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසිත පුෂ්පකුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. අනතුරුව නැගෙනහිර ආඥාපතිතුමන් බලසේනාවේ වගකීම් බලප්‍රදේශයේ ආරක්‍ෂාව සහ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කර 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් නැගෙනහිර ආඥාපතිතුමන් වෙත සමරු තිළිණක් ප්‍රදානය කරන ලදී. නැගෙනහිර ආඥාපතිතුමා තොප්පිගල උරුම උද්‍යානය සහ ස්මාරකය ද නරබන ලද අතර 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවෙහි සංචාරය කර එදින නිල සංචාරය අවසන් කරන ලදි.

2023 මාර්තු 22 දින සිංහපුර 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ 6 වන ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුව නාවල්ඩිහි නිල සංචාරයේ නිරත වූ නැගෙනහිර ආඥාපතිතුමන් බලඇණි අණදෙන නිලධාරී වන ලුතිනන් කර්නල් ඉන්දික චන්ද්‍රකුමාර සහ මේජර් ලසන්ත රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ආඥාපතිතුමාගේ නිල සංචාරය සනිටුහන් කරමින් අඹ පැළ රෝපණය කරන ලදී. තවද, නැගෙනහිර ආඥාපතිතුමා තම වටිනා අදහස් නිලධාරීන් සමඟ බෙදාගත් අතර පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබන ලදී.

.

නැගෙනහිර ආඥාපතිතුමන්ගේ නිල සංචාරය සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග, 232 සහ 233 වන පාබල බලසේනා වල බලසේනාධිපතිවරුන්, 23 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බලඇණි අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වන ලදී.