Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th March 2023 16:17:42 Hours

242 පාබල බළසේනාවේ භඨපිරිස් තිරුක්කෝවිල්හි ගින්නක් නිවා දමයි

24 වන පාබල සේනාංකයට අයත් 242 වන පාබල බළසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් 2023 මාර්තු 23 දින උදෑසන තිරුක්කෝවිල් තම්බිලුවිල් ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දමයි.

තිරුක්කෝවිල් ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරු සහ ඉල්ලීම මත 242 වන පාබල බළසේනාවේ ජල බවුසර් දෙකක් සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවට අයත් නිළධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිළයින් 25 සමග තිරුක්කෝවිල් ගිනි නිවන ඒකකය කඩිනමින් එම ස්ථානයට පැමිණ පැය කිහිපයක් ඇතුළත වේගයෙන් පැතිර යන ගින්න පාලනය කර ප්‍රදේශයේ සෙසු වෙළඳසැල්වලට ගින්න පැතිරීම වලක්වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 242 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිළධාරී මේජර් සමන්ත දෙනියාය ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගින්න මැඩ පැවැත්විම අධීක්ෂණය කරන ලදී.