Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th March 2023 16:04:34 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ගොවි‍පොලෙහි වී අස්වනු නෙලයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති¸ මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම මත ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සඳහා රට ගෙන යන ගමනට සහය දැක්වීම සඳහා මහ කන්නයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ගොවි‍පොලෙහි කුබුරු අක්කර 10 ක් වගා කරන ලදී.

එම කුබුරු අක්කර 10හි අස්වනු නෙලීම 2023 මාර්තු මස 23 වන දින මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි¸ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නැකැත් චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.