Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd March 2023 11:07:37 Hours

නැගෙනහිර ආඥාපති 24 වන පාබල සේනාංකය සහ එහි අණ යටතේ ඇති බලසේනා සහ ඒකක වෙත නිල සංචාරයක්

ආරක්‍ෂක සේනා (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මාර්තු 19 සහ 20 යන දිනයන්හිදී, 24 වන පාබල සේනාංකයේ සහ එහි යටතේ ඇති පාබල බලසේනා¸ බලඇණි වෙත නිල සංචාරයක නිරතවන ලදි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර), ආඥාපති 2023 මාර්තු මස 19 වන දින ප්‍රථමයෙන් 24 වන පාබල සේනාංක බළප්‍රදේශයට අයත් 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත සපැමිනි අතර 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි, 241 වන පාබල බළසේනාවේ පාබල බළසේනාධිපති කර්නල් ධනික පතිරත්න, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් උදිත කළුආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් විසින් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, ආඥාපතිතුමා 241 වන පාබල බලසේනාව¸ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව, 242 වන පාබල බලසේනාව සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත තම නිල සංචාරය සිදුකල අතර සම්ප්‍රදායානුකූලව මුහුදුමහා විහාරයෙහිද සංචාරය කරන ලදී. තවද, අම්පාර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, සමග ප්‍රියසම්භාෂනයකට සහභාගි වෙමින්(නැගෙනහිර), ආඥාපති සිය නිල සංචාරයේ පළමු දිනය අවසන් කරන ලදී.

තවද, 2023 මාර්තු 20 වන දින සිය සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින්, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති දීඝවාපි ස්ථූපයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා දීඝවාපි විහාරස්ථානයේ සංචාරයක නිරත වූ අතර, පසුව 11 වන සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවල සංචාරය සිදුකර 24 වන පාබල සේනාංක බළප්‍රදේශයේ තම නිළ සංචාරය අවසන් කරන ලදී. ආරක්‍ෂක සේනා (නැගෙනහිර), ආඥාපතිතුමාගේ නිල සංචාරය සංකේතවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංක බළප්‍රදේශයේ බලසේනා සහ බලඇණිවල ආඥාපතිතුමන් විසින් පැළයක් රෝපණය කල අතර සම්ප්‍රදායානුකූලව සෑම මූලස්ථානයකම අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබා සුබ පැතුම් එක් කරන ලදී. මෙම සංචාරය සඳහා 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ 24 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්ද සහභාගී වන ලදී.