Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th March 2023 11:04:58 Hours

221 වන පාබල බලසේනාව 13 වැනි සංවත්සරය සමරයි

221 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සරය සැමරීම සඳහා 2023 මාර්තු 12 දින සිට 17 දින දක්වා වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත ආගමික වතාවත් සහ සැමරුම් කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් සංවත්සර සැමරුම් පැවැත්විණි.

මාර්තු මස 15 වන දින බලසේනා මූලස්ථානයේ විහාරස්ථානයේ දී බෝධි පූජා වැඩසටහන පැවැත්වුණු අතර, දානමය පිංකම මාර්තු 15 වන දින ග‍ෝකන්න රජ මහා විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේ 07 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඊට අමතරව ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලේ සහ ගල් දේවස්ථානයේ පූජා උත්සව පැවැත්වීය.

2023 මාර්තු 16 දින පැවති සංවත්සර උත්සවයේදී 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත විචිත්‍රවත් සම්මාන මුරයක් පිරිනමන ලදී. එදින සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහය පැවැත්වූ අතර අවසානයේ මාර්තු 17 වැනි දින බලසේනා පරිශ්‍රයේදී සංගීත සංදර්ශනය පවත්වන ලදී.

බලසේනාවේ 13 වන සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහන් මාලාව සඳහා බලසේනාධිපති, සිවිල් සම්බන්ධීකරන නිලධාරි සහ බලසේනාවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.