Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th March 2023 10:42:37 Hours

231 වන පාබල බලසේනාවේ භට පිරිස් සඳහා පහසුකම් සංකීර්ණයක් විවෘත වේ

231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයකට අනුව 231 වන බලසේනාව වෙත පහසුකම් සංකීර්ණයක් බලසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඉදි කිරීම ආරම්භ කරන ලදී. බලසේනාධිපතිවරයාගේ සංකල්පයේ අවසාන ප්‍රතිඵලය ලෙස 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් සුභසාධන ආපන ශාලාවකින්¸ පුවත්පත කියවීමේ මධ්‍යස්ථානයකින් සහ කරනවෑමිහලකින් සමන්විත නවීන පහසුකම් සංකීර්ණය ලබා ගන්නා ලදී.

2023 මාර්තු 15 දින 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් මෙම පහසුකම් සංකීර්ණය භට පිරිස් සඳහා විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවයට 231 පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී විය.