Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th March 2023 10:31:35 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම.

7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, කන්තලේ පොලිස් නිළධාරීන් සමග බුද්ධි භටපිරිස් එක්ව 2023 මාර්තු 15 වන දින සිත්තාරු ප්‍රදේශයේදි “කේරළ ගංජා” ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 510 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.