Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th March 2023 14:53:22 Hours

221 වන පාබල බලසේනාවේ රාජකාරි නියතු සෙසුනිලයින්ගේ දූදරුවන් හට පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනංකයට අයත් 221 වන පාබල බළසේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් ලෙස 221 වන පාබල බළසේනා මුලස්ථානයේ සේවයේ නියතු සෙසුනිලයින්ගේ පාසල් යන දූදරුවන් 67 දෙනෙකු සදහා රුපියල් 3500ක වටිනා කමින්යුත් පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් 2023.03.12 වන දින බලසේනා මූලස්ථානයේදි බෙදාදෙන ලදි.

221 පාබල බළසේනාවේ බළසේනාධීපති කර්නල් සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ බළසේනාව තුල සිටින සෙසුනිලයන් දිරිගැන්විම සදහා මෙම පාසල් උපකරණ හා භාණ්ඩ බෙදාදිම සිදුකරන ලදි. මෙම පාසල් උපකරණ හා භාණ්ඩ නිලන්ති ජොහැම් මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ලබා දුන් අතර, එය මේජර් ඩයස් ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සම්බන්ධීකරණය කරන ලදි.