Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th March 2023 14:44:43 Hours

222 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති සුබ මොහොතින් රාජකාරි අරඹයි.

222 වන පාබල බලසේනාවේ 19 වන බලසේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් 2023 මාර්තු මස 13 දින බලසේනා මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

ඉන් අනතුරුව බලසේනාධිපති විසින් භටපිරිස් ඇමතීමෙන් පසු සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයටද සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ඒකක අණදෙන නිලධාරීන්, බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී විය.