Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th March 2023 11:48:50 Hours

6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ලසන්ත රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි , නිලධාරින් සහ සෙසුනිලයින් විසින් මඩකලපුව ලේ බැංකුව සමඟ එක්ව 2023 මාර්තු 02 වන දින නාවල්අඩි පිහිටි 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදි සිදුකල අතර, මෙම වැඩසටහනේදී සෙබළුන් 80 දෙනෙකු ලේ පරිත්‍යාග කරන ලදී.

මෙම වැඩසටහන සදහා 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයින්ද මඩකලපුව ලේ බැංකුවේ කාර්‍ය මංඩලයද මෙම අවස්ථාව සදහා සහභාගිවිය.