Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th March 2023 14:56:14 Hours

උපකරණ මාස්ටර් ජෙනරල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සංචාරයක් සිදුකරයි.

උපකරණ මාස්ටර් ජෙනරල් (QMG), මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් (MGO), මේජර් ජෙනරාල් හිරෝෂ වනිගසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.03.03 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය(නැගෙනහිර ) නිල සංචාරයක නිරත විය. ආරක්ෂක සේනා (නැගෙනහිර ) අඥාපති නියෝජනය කරමින් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් උණුසුම් ලෙස පිළිගත්හ.

අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පරිපාලන සමුළුවට ඔවුන් සහභාගී විය. මෙම සම්මන්ත්‍රණයේදී ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත අණදීමේ පිහිටුවීම් යටතේ වැදගත් සැපයුම් ගැටළු සාකච්ඡා කරන ලද අතර, ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සැපයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා සාකච්ඡා කරන ලදී. ඉදිරි නඩත්තු පෙදෙසේ (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උපකරණ මාස්ටර් ජෙනරල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් වෙත සමරු තිළිණ ප්‍රධානය කිරීමෙන් පසුව සමුළුව අවසන් කරන ලදි.

මෙම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි , 23 සහ 24 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන්, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) පාලන භකාස නිලධාරීන් සහ ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) භට කාර්‍ය සම්පාදන ඒකකවල නිලධාරීහු, උපකරණ මාස්ටර් ජෙනරල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සමඟ සාකච්ඡාවට සම්බන්ධ විය.