Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 09:57:10 Hours

22 වන පාබල සේනාංකය විසින් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ‌ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාලක මල්සිංහ සහ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් චන්දන වන්නිආරච්චි සහ භට පිරිස් වල පූර්ණ මැදිහත් වීමෙන් 2023 පෙබරවාරි 14 වන දින සූරියපුර මහවැලිගම පාසලේදී පාසල් සිසු/සිසුවියන් සියයක් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම සුවිශේෂී දිනයේදී පාසල් ළමුන් සඳහා විශේෂ කෙටි ආහාර පැකට් ඇතුළු රුපියල් මිලියන 2ක පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දීම සූරියපුර මහවැලිගම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි. මේ සදහා ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය Blissful Minds සංවිධානය වෙතින් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාලක මල්සිංහ, Blissful Minds සංවිධානයේ පරිත්‍යාගශීලීන්, මහවැලිගම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දූදරුවන්ගේ දෙමාපියන් ද සහභාගී විය.