Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th February 2023 19:10:50 Hours

ආරක්ෂක සේනා නැගෙනහිර ප්‍රදේශයේ භඨපිරිස් සදහා නීතීමය කරුණු පිළිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් සිදුකිරීම

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් අනුව ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු භඨපිරිස් හට නිතීමය කරුණු පිලිබදව දැනුවත් කිරීමේ වැඩමුලුවක් ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) නීති නිලධාරි කපිතන් නුවන් ගුණසේකර විසින් පවත්වන ලදී. මෙහිදී මුලික පරීක්ෂණ උසාවි සිදුකිරිමේදී ඇති වන ගැටලු සහ ආයතනවල පවතින නීතීමය ගැටලු සාකච්ඡා කරන ලදී.

මෙම වැඩමුලුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හිදී 22" 23" 24 සේනාංකවල මාණ්ඩලික නිලධාරින් සහ එම සේනාංක යටතේ ඇති පාබල බලසේනාවල මේජර් පාලන/භකාස නිලධාරින් ඇතුලු විෂයභාර පරිපාලන සහයකවරුන්ගේ සහභාගීත්වයෙන් 2023 පෙබරවාරී මස 08 වන දින පවත්වන ලදී.