Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th February 2023 08:25:28 Hours

23 වන පාබල සේනාංකයේ ''නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලින් වැළැකීම'' සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර )ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් 24 වන පාබල සේනාංක බලප්‍රදේශයේ භට පිරිස් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් අත්වන ප්‍රතිවිපාක සහ එයින් වැළැකී සිටින්නේ කෙසේද යන්න දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වැඩසටහන 2023 ජනවාරි මස 26 දින 23 වන පාබල සේනාංක මූලස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක බ්‍රිගේඩියර් රොෂාන් මොණරාගල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකය විසින් සිදුකරන ලදී.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට මිනිසුන් නැඹුරු වන ආකාරය, ඒවායේ අහිතකර බලපෑම් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා ''නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලින් වැළැකීම'' පිළිබඳ දේශන වර්තමානයේ ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ භට පිරිස් සදහා ඉතා අත්‍යවශ්‍ය මාතෘකාවකි. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග 23 වන පාබල සේනාංකයේ නිළධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම 12 ශ්‍රීලංජාආබමු ඒකකයේ නිළධාරීන් සහ සෙසු නිලයින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.

මෙම කාලීන දැනුවත් කිරීමේ වැඩසටහන මගින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් සෙබලුන් වැලකි සිටීමේ ඇති වැදගත්කම පිළිබද ප්‍රබල පණිවිඩයක් ලබාදෙන ලදි.