Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd February 2023 10:49:24 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරි සහ රෙජිමේන්තු අධිපති 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක් සිදු කරයි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරාල් ලලිත් හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 28 වන දින 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය දළුකාන වෙත පැමිණියේය. ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු පළමු නිල සංචාරය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිදු කරන ලදි.

මේජර් ජෙනරාල් ලලිත් හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි එම අවස්ථාවේදී අණදෙන නිළධාරී මේජර් අසංක කොඩිකාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදානුකුලව ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක්ද පිරිනැමීමෙන් පසුව එතුමගේ සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කර සමූහ ඡායා රූපයකටද පෙනී සිටියේය.

දේශනය අතරතුර, ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ රෙජිමේන්තු අධිපති, විසින් තම වෘත්තීය සුදුසුකම් ඉහළ මට්ටමක පවත්වා ගනිමින් විනය රැක ගනිමින් බළකායේ හොඳම බලඇණිය වීමේ වැදගත්කම සහ රාජකාරි ඉටු කිරීමේදී දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි නවෝත්පාදනයන් පිළිබඳව අවධාරණය කරන ලදී.

දේශනයෙන් අනතුරුව, අණදෙන නිළධාරි විසින් සංචාරය සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සියලුම නිලයන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගීවී නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහද කතාබහකද නිරතවිමෙන් පසුව ඔහු කඳවුරු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉන් පසුව අණදෙන නිලධාරී විසින් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත පැවරී ඇති රාජකාරි සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකිරිමෙන් පසු නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගිවී අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමටද අමතක නොකලහ.