Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th January 2023 13:55:54 Hours

24 වන පාබල සේනාංකයේ භට පිරිස් මත්ද්‍රව්‍ය භාවිතය වැලක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) බල ප්‍රදේශයේ භට පිරිස් "මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය බ්‍රිගේඩියර් රොෂාන් මොණරාගල මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් 2023.01.25 වන දින අම්පාර, මල්වත්ත, 24 වන පාබල සේනාංක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටින්නේ කෙසේද, සිවිල් වැසියන් විසින් මත්ද්‍රවය භාවිතා කරන්නේ කෙසේද, ප්‍රවාහනය කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව දැනුවත් කිරීම මෙම දේශනයේ අන්තර්ගත විය. මේ සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු 24 වන පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය සමඟින් 241, 242 පාබල බලසේනාවල භට පිරිස් නියෝජනය කරමින් නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසුනිලයින් 160 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වූහ.

මෙම කාලීන දේශණය මගින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලැකී සිටීමට අත්‍යවශ්‍ය ප්‍රබල පණිවිඩයක් සොල්දාදුවන්ට ලබා දෙයි.