Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th January 2023 11:48:53 Hours

ආධ්‍යාත්මික සුවය වර්ධනය කිරිම සදහා බුදුපිළිම වහන්සේලා සහ ආබාධිත අයවලුන් සදහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මාර්ගෝපදේශ යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රීගේඩියර් දිලුප බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණයෙන් 11 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ආධ්‍යාත්මික සුවය වර්ධනය කිරිම සදහා බුදුපිළිම වහන්සේලා¸ බෝධිබූජා පොත් සහ ආබාධිත අයවලුන් සදහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අගහරුවාදා (ජනවාරි 17) දින මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේදී සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේදී අගල් 11ක් උස බුදුපිළිම වහන්සේ 60 නමක්¸ බෝධිබූජා පොත් 60ක්¸ ආබාධිත අයවලුන් සදහා රෝදපුටු සහ රු 10000 ක් වටිනා වියළි සලාක මල්ලක් පරිත්‍යාග කරන ලදී "මනුසත් හදවත්" සහ "දහමල" සමාජ සේවා පදනම් විසින් මෙම පරිත්‍යාගය සදහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී .

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති දිලුප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර, 231 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ, 11 (සෙව්) ශ්‍රි ලංක සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් නිමල් පද්මසිරි, සහ නිලධාරීන්, සෙසුනිලයන්¸ "මනුසත් හදවත්" සහ "දහමල" සමාජ සේවා පදනම් වල සම්බන්ධීකරණ නිලධාරීනින් වන ශෂිකලා ගුණරත්න මෙනෙවිය¸ නදී සමරසිංහ මෙනෙවිය සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වන ලදි.