Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th January 2023 11:17:14 Hours

11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ළදරු හා මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්ථානයක් ප්‍රථිසංස්කරණය කිරිම අරඹයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්‍ෂණය යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 11(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කෙවිලියාමඩු ප්‍රදේශයේ ස්ථාපිත ළදරු හා මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්ථානය ප්‍රථිසංස්කරණය කිරිම සදහා අගහරුවාදා (ජනවාරි 17) දින මුල්ගල තබන ලදි. මෙම ප්‍රදේශයේ සිවිල් වැසියන් 850 ක් පමණ ජිවත් වන අතර, මෙමගින් ප්‍රදේශයේ ජිවත් වන ළදරුවන් හා ගැබිණිමාතාවන් සදහා විශාල අභිවෘද්ධියක් සැලසේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති දිලුප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර, 231 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ, 11 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් නිමල් පද්මසිරි සහ නිලධාරීන්, සෙසුනිලයන් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වන ලදි.