Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th January 2023 10:45:53 Hours

අඩු ආදායම්ලාභී පවුල් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵව විසින් සංවිධානය කරයි.

16 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵව විසින් 2023 ජනවාරි මස 17 වන දින ගෝනගල පාසලේදී පාසල් ළමුන් සදහා පාසල් උපකරණ¸ ශිෂ්‍යත්ව සහ පාසලට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵව විසින් සංවිධානය කරන ලදී.

පාසල් සිසුන් සියදෙනෙකු සදහා රු. 450,000ක් වටිනා පාසල් උපකරණ¸ සිසුන් දෙදෙනෙකු සදහා ශිෂ්‍යත්ව දෙකක් සහ පාසලට අත්‍යාවශයව තිබූ ක්‍රීඩා භාණ්ඩ මෙම වැඩසටහනේදී පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහනේ, මූල්‍ය අනුග්‍රහය වෛද්‍ය හේතුන්මත සේවයෙන් ඉවත්ව සිටින S/16Q00082 ලා/කෝප්‍රල් සෝමතිලක අයිජි යන අය විසින් සහ ගම්පහ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 241 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් තිලක් කුමාරසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ අණදෙන නිළධාරී මේජර් මංජුල අලවත්ත ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්, ඒකකයේ නිලධාරීන්, සෙසුනිලයින් සහ විදුහල්පතිවරයා ඇතුළු සිසු සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක්ද වැඩසටහන සඳහා සහභාගී විය.