Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th December 2022 09:47:36 Hours

ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානය - (නැගෙනහිර) භට පිරිස් විසින් අඩු ආදයම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකර පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයක් මත, ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානය - (නැගෙනහිර) මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් සහ ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානය - (නැගෙනහිර) බ්‍රිගේඩියර් ඉරාන් ලොකුකැටගොඩ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ 3 ඉංජිනේරු සේවා බලකාය, 5 ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, 3 ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකාය සහ 3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් එක්ව නිවසක් නොමැති කේ සුනිල් මහතා වෙනුවෙන් ඊරිගේඔය - හබරණ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදි.

2022.12.17 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සදහා 5 ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා‍යෙහි අණදෙන නිලධාරී විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ව්‍යාපාරිකයෙකු වන ධනුෂ්ක මහතාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සමස්ත ව්‍යාපෘතිය සඳහාම අනුග්‍රහය දැක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර, 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානයේ - (නැගෙනහිර) බ්‍රිගේඩියර් ඉරාන් ලොකුකැටගොඩ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් නිවස විවෘත කර ප්‍රතිලාභියා වෙත යතුර ප්‍රධානය කරන ලදී.

තවද, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් උදය ලියනආරච්චි, 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී සහ 3 වන ඉංජිනේරු සේවා බළකාය, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, 3 ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකා‍යේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිළධාරීන් සහ නිවස ඉදිකරන ලද සෙසු නිලයින් කිහිප දෙනෙකු එම අවස්ථාවට සහභාගි විය.