24th December 2022 09:26:46 Hours
කන්තලේ ජයන්තිගම ප්‍රදේශයේ ස්ථාපිත 222 පාබල බලසේනා මුලස්ථානයේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් එන් එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 .12 .14 දින රාජකාරි භාර ගන්නා ලදී.
222 පාබල බළසේනා මුලස්ථානය වෙත පැමිණි නව බලසේනාධිපති 222 පාබල සේනාංකයේ මාණ්ඩලික නිළධාරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් නව බලසේනාධිපති තූමා වෙත පිරිනමන ලදී. ඉන් පසුව නව බලසේනාධිපති සිය කාර්යාලයේදී ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව හමුදා සම්ප්‍රධානුකුලව ලිපියකට අත්සන් තබමින් නව ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
තවද, රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කිරීම සදහා පැළයක් සිටුවීමෙන් අණතුරුව නිළධාරින් සහ සෙසුනිලයින් ආමන්ත්‍රණය කිරීමෙන් පසු තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදී. මෙම අවස්ථාව සදහා ඒකක අණදෙන නිළධාරිවරුන් සහ බලසේනාවේ මාණ්ඩලික නිළධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදී.