Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2022 12:09:49 Hours

22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති කාර්යාල‌යේදි වැඩ භාරගනී.

බ්‍රිගේඩියර් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022 නොවැම්බර් 30 වැනි දින 22 පාබල සේනාංකයේ ප්‍රථම නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස තම කාර්යාල‌ෙය්දී වැඩ භාර ගන්නා ලදී. බ්‍රිගේඩියර් එම් එස් දේවප්‍රියගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් නම මෙම සේනාංකයේ පළමු නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස ඉතිහාසයේ ලියැවෙනු ඇත.

ආගමික වතාවත්වලින් අනතුරුව මහාසංඝරත්නයේ ආශිර්වාදය ඇතිව අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය සේනාංකාධිපති විසින් සිය වැඩ භාර ගැනීම සනිටුහන් කරන නිල ලේඛණයේ සිය අත්සන සටහන් කරන ලදී. මෙම අවස්ථාවට සේනාංක මූලස්ථාන කාර්ය මණ්ඩලය සහභාගී විය.