Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd November 2022 10:49:20 Hours

නැගෙනහිර භට පිරිස් වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භට පිරිස් සහ 7 වන බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.11.19 වන දින සංවිධානය කරන ලදී.

ඒ අනුව “ගුණ ජය සතුට පදනමේ” හිමිකරු කුෂිල් ගුණසේකර මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මැදිරිගිරිය ගම්මානයේ ප්‍රමාණවත් ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 4000/= බැගින් වටිනා වියළි සලාක මලු 200 ක් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත කුලතුංග, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි, ලුතිතන් කර්නල් ප්‍රභාත් හල්පගේ , 23 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි, ලුතිනන් කර්නල් සමන් හෙට්ටිආරච්චි, 7 වන බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් චන්දන හරිෂ්චන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ග්‍රාම නිලධාරී පරිපාලන අංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිරිගිරිය යන අයවලුන් මේ සඳහා සහභාගි වන ලදි.