Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd November 2022 10:31:18 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 24 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි

ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2022 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හිදී අම්පාර මල්වත්ත හි පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානය වෙත පළමු වරට සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සේනාංක මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කදවුරු මුරයක් පිරිනමන ලදී. ඉන් පසු ආඥාපති තුමන්ගේ සංචාරය සිහිපත් කරමින්, පැළ සිටුවීමෙන් අනතුරුව සියලුම නිළධාරින් සමග සමූහ ඡායාරූපයක් සදහා පෙනී සිටින ලදී. 24 පාබල සේනාංකයේ සහ අණදෙන බලසේනා සහ බලඇණිවල කාර්යභාරය සහ කාර්යන් හා මෙහෙයුම් සූදානම ඇතුළුව ප්‍රදේශය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් පවත්වන ලදී. අනතුරුව, ආරක්ෂක සේනා (නැඟෙනහිර) ආඥාපතිතුමා විසින් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් සමඟ බලප්‍රදේශයට අදාළ ආරක්ෂක සහ පරිපාලන ගැටළු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

තවද, ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) ආඥාපතිතුමන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ සෙසු නිලයින් අමතා, අඛණ්ඩ වෘත්තීය පුහුණුව සහ යහපත් වැඩ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන අතරම විනය ඉහළම මට්ටමකින් පවත්වා ගෙන යාම පිළිබඳව අවධාරණය කළේය. පුද්ගලික මුදල් කළමනාකරණය සහ පුද්ගලික ආරක්‍ෂාව, එපමණක් නොව වර්තමාන සමාජය තුළ ඇති දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ප්‍රදේශය තුළ කෘෂිකර්මාන්තය සහ වගාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ආඥාපතිවරයා තම වටිනා අදහස් නිලධාරීන් සමඟ බෙදාගත් අතර අමුත්තන්ගේ පොතෙහි සිය ප්‍රශංසා සටහන් කළේය. පසුව, සවස ආඥාපතිතුමා "බුද්ධංගල රජමහා විහාරයේ" සංචාරයක නිරත විය. සිය සංචාරයේ දෙවන දිනය වූ නොවැම්බර් 19 වන දින, ආරක්ෂක සේනා (නැඟෙනහිර) ආඥාපතිතුමා, 24 පාබල සේනාංක මූලස්ථානයේ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙමින් පවතින දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා "දීඝවාපිය රජමහා විහාරය" පරිශ්‍රයට ගියේය.

24 පාබල සේනාංකය යටතේ ඇති පාබල බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන භකාස, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, 24 පාබල සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.