Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd November 2022 10:05:18 Hours

නීති විරෝධී මත්ද්‍රවය අල්ලා ගැනීම

3 (ස්වේච්ඡා) බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි භට පිරිස් (231 පාබල බලසේනාවට අනුයුක්ත) “කල්කුඩා පොලිස් ස්ථාන” නිලධාරීන් එක්ව “Methamphetamine” මත්ද්‍රව්‍ය (අයිස්) 21 g ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. (340000 /= වටිනාකමින් යුක්ත) සහ මුදලින් රුපියල් 16500/= ක්, ජංගම දුරකථන හතරක් සහ ප්‍රධාන අලෙවි නියෝජිතයාගේ මෝටර් රථය 2022 නොවැම්බර් 17 වන දින කල්කුඩා පාරේදී කල්කුඩා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සහ මෝටර් රථය ඉදිරි විමර්ශන සඳහා කල්කුඩා පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු සිදු කරන ලදි.

ආඥාපති, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 231 පාබල බලසේනාවේ බළසේනාධිපති ඉහත වැටලීම් නිරීක්ෂණය කල අතර එමඟින් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල්වනු ඇත.