Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th November 2022 22:19:25 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 23 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.16 දින 23 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී .

නැගෙනහිර නව ආඥාපති, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ශෙවන්ත් කුලතුංග ‌ ජ්‍යෙෂ්ඨ නිළධාරි එහි පැමිණි අවස්ථාවේ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 23 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කදවුරු මුරයක් පිරිනමා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදී ඔහුගේ සංචාරයන් සිහිපත් කරමින් පැළ සිටුවීමෙන් අනතුරුව 23 වන පාබල සේනාංකයේ සහ බලඇණිවල කාර්ය භාරය සහ කර්තව්‍යයන් එම කොට්ඨාශයට අදාළ පරිපාලන ගැටළු පිළිබඳ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, බලඇණි අණදෙන නිළධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වන ලදී.

තවද නැගෙනහිර නව ආඥාපති 23 පාබල සේනාංකයේ අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අඛණ්ඩව වෘත්තීය පුහුණුව සහ යහපත් වැඩ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අවධාරණය කරන ලද අතර, සෑම තරාතිරමකම "විනය" පිළිබද සහ පුද්ගලික මුදල් කළමනාකරණය, පුද්ගලික ආරක්ෂාව ,වර්තමාන සන්දර්භය තුළ ඇති දුෂ්කරතා මඟහරවා ගැනීම. කෘෂිකර්මාන්තය සහ වගාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන වටිනා අදහස් නිලධාරීන් සහ සෙසු නිලයින් හට අමතන ලදි. ඉන් පසු නව ආඥාපති තුමන් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින අතර අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තබන ලදි.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික ඇතුලු ඡ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වන ලදී.