Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th November 2022 22:16:10 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි.

ආරක්ෂක සේනා මූලස්ථානය(නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.15 දින ත්‍රිකුණාමලය - කෙසෙල් තුඩුවේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී.

නැගෙනහිර නව ආඥාපති, 22 පාබල සේනාංක මුලස්ථානය වෙත පැමිණි පසු 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ‌ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 22 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කදවුරු මුරයක් පිරිනමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් පසු ආඥාපති ගේ සංචාරය සිහිපත් කරමින්, පැළයක් සිටුවීමෙන් අනතුරුව සියලුම නිළධාරින් සමග සමූහ ඡායාරූපයක් සදහා පෙනී සිටින ලදී.

තවද, නැගෙනහිර නව ආඥාපති, 22 පාබල සේනාංකයට අයත් සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අඛණ්ඩව වෘත්තීය පුහුණුව සහ විනයගරුකව යහපත් ලෙස වැඩ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අවධාරණය කරන ලද අතර, සෑම තරාතිරමකම නිළයන් "විනය" පිළිබදව සැළකිලිමත්ව කටයුතු කළ යුතු අතර පුද්ගලික මුදල් කළමනාකරණය, පුද්ගලික ආරක්ෂාව පිළිබදව විශේෂයෙන් සළකා කටයුතු කරන ලෙස ප්‍රකාශ කරණ ලදී.ඉන් අනතුරුව අමුත්තන්ගේ පොතේ සටහනක් තබා 22 පාබල සේනාංක මුලස්ථානයේ පිටත්වීමෙන් පසු, සැන්දෑවේ, නැගෙනහිර නව ආඥාපති 17 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලු මුලස්ථානය ඉදිකිරීම් කටයුතු නිරික්ෂණය කිරිමේ චාරිකාවෙන් පසු 22 පාබල සේනාංක සංචාරය අවසන් කරන ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 22 වන සේනාංක මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිළධාරී, කර්නල් පාලන සහ භඨකාර සම්පාදන ජ්‍යෙෂ්ඨ නිළධාරී, අණදෙන නිලධාරීන් සෙසු මාණ්ඩලික නිළධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.