Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th November 2022 13:03:52 Hours

9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨපිරිස් විසින් පාසල් සිසු සිසුවියන්ට පාවහන් ලබාදිම

233 පාබල බලසේනාවට අයත් 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨපිරිස් විසින් “දිඹුලාගල අධ්‍යාපන කලාපයට” අයත් පාසල්වලින් තෝරාගත් අඩු ආදායම්ලාභි සිසු සිසුවියන් සදහා පාසල් පාවහන් යුගල 60 ක් දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදි 2022.11.02 වන දින ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මාර්ගෝපදේශ යටතේ, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි මෙම උත්සවය සංවිධානය කරන ලදි, මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය (විශ්‍රාමික) මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉල්ලිමකට අනුව (Ceylon Leather Products PLC (pvt) Limited) ආයඅතනය විසින් ලබාදෙන ලදි.

ඒ අනුව පසුගිය කාලය පුරාවට අඛණ්ඩව (Ceylon Leather Products PLC (pvt) Limited) ආයතනයේ අනුග්‍රහකත්වය ඇතිව මෙම අධ්‍යාපන කලාපයෙහි අඩු ආදායම්ලාභි ළමුන් සදහා අදියර කිහිපයක් යටතේ පාවහන් යුගල 5761 ප්‍රමාණයක් ලබා දි ඇත.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, චන්දිමාලා වාසලමුදලි මහත්මිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී, 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියශාන් මල්වරගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් දිනේෂ් වනිගසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.