Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2022 12:06:48 Hours

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිගේ ප්‍රථම නිළ සංචාරය

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 7 හා 08 දිනයන්හිදී, පළමු නිල සංචාරයේ නිරත විය.

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රථමයෙන් 242 වන පාබල බළසේනාව වෙත පැමිණි අතර, එහි 242 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් අනුරාධ සෝලංගආරච්චි ඉතා උණුසුම් අයුරින් පිළිගන් අතර තවද නව සේනාංකාධිපතිගේ පැමිණිම සනිටුවහන් කිරිම සදහා පැළයක්ද රොපණය කරන ලදි.

ඉන් අනතුරුව 24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඉවුම් පිහුම් පහසුකම් හා සෙසු නිළයිනගේ සුබසාධන පහසුකම් ආදිය පිළිබඳව සොයා බැලිමෙන් පසු සේනාංකාධිපති භඨපිරිස් අමතමින් වෘත්තීය පුහුණුව සහ සියලු මට්ටම්වල විනය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් තම වැඩ කටයුතු අඛණ්ඩව සිදු කිරීම පිළිබඳව ඔහු අවධාරණය කල අතර, පසුව සියලු නිළ තේ පැන් සංග්‍රහයකින් පසු එදින සංචාරය අවසන් කෙරිනි.

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි දෙවන දිනයෙහී දි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵව වෙත පැමිණි අතර එහිදි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵව අණදෙන නිළධාරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන් අතර පසුව සේනාංකාධිපති විසින් භඨ පිරිස්වල පරිපාලනය, මෙහෙයුම් අවශ්‍යතා, සුබසාධන කටයුතු සොයා බැලිමෙන් පසු මෙම සංචාරය අවසන් කරන ලදි.