Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2022 11:28:08 Hours

73 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව විශේෂ අවශ්‍යතා සහිත ළමා මධ්‍යස්ථානයේ දරුවන් දිවා භොජන සංග්‍රහයක් ලබා දෙයි

"73 වන යුද්ධ හමුදා දිනයට " සමගාමීව ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ''ඕසානම්" විශේෂ අවශ්‍යතා සහිත ළමා මධ්‍යස්ථානයේ දරුවන් සදහා 2022 ඔක්තෝබර් මස 09 වන දින වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

ඒ අනුව, මෙම වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි වු අතර එහිදි විවිධ කුසලතා ඇති දරු දැරියන් එම ස්ථානයට පැමිණි සිටි නිලධාරීන් හට චිත්‍ර ඇඳීමෙන් සහ අත්කම් නැටුම් පෙන්වමින් තම කලාත්මක කුසලතා ඉදිරිපත් කළහ. ඉන් අනතුරුව 5 වන (සෙව්) ශ්‍රි ලංකා කාන්තා බළකායේ සෙබළියන් හා 4 වන ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් දරුවන් 24 දෙනෙකු සදහා විශේෂ දිවා ආහාර වේලක් හා රුපියල් 60.000 ක් පමණ වටිනාකමකින් යුත් වියලි සලාක තොගයක් ලබා දෙන ලදි.

මෙම අවස්ථාව සදහා 231 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් මේනක ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි, 5 වන (සෙව්) ශ්‍රි ලංකා කාන්තා බළකායේ අණදෙන නිළධාරී, ලුතිනන් කර්නල් සුමින්ද හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා නිළධාරීන් සහ සෙසුනිළයින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.