Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th October 2022 09:09:35 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති ප්‍රථම නිළ සංචාරය අරඹයි.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 සැප්තැම්බර් 27, 28 සහ 29 යන දිනයන්හිදී, පළමු නිල සංචාරයේ නිරත විය.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රථමයෙන් 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බළකා මුලස්ථානය වෙත පැමිණි අතර, එහි යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූ අතර, ඉදිරි නඩත්තු ප්‍රදේශ යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිළධාරින් විසින් පරිපාලන සහ අනෙකුත් ක්‍රියාකාරී කරුණු පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදු කරන ලදී. ඉන් අනතුරුව ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), ආඥාපති භඨපිරිස් ඇමතිමෙන් පසු සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද එක් විය.

අනතුරුව 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, 3 වැනි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 4 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය සහ 2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකාය වෙතද මෙම සංචාරය සිදුකරනු ලැබූහ.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ සිය අදහස් සහ සුබ පැතුම් සටහන් තැබුහ.

මෙම අවස්ථාව සදහා කර්නල්, ඉදිරි නඩත්තු පෙදෙස, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිළධාරීන්, නිළධාරීන් හා සෙසුනිළයින් සහභාගි විය.