Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2022 14:47:59 Hours

"ලෝක ළමා දිනය" ට සමගාමීව ආරක්ෂක සේනා (නැගෙනහිර) භඨපිරිස්හි සහභාගිත්වෙයන් වැලිකන්ද "ශ්‍රී ධර්මපාල පුබුදු" පෙරපාසලේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, ප්‍රධාන සම්බන්ධීකරණ සිවිල් කටයුතු නිලධාරී, කර්නල් රජීව් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත සිවිල් කටයුතු නිළධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණයෙන් වැලිකන්ද නව නගරයේ "ශ්‍රී ධර්මපාල පුබුදු" පෙරපාසලේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් ආරක්ෂක සේනා (නැගෙනහිර) විසින් සංවිධානය කරන ලදී.

"ලෝක ළමා දිනය" ට සමගාමීව 2022 ඔක්තෝබර් 01 දින පවත්වන ලද වැඩසටහන. මෙම වැඩසටහන සඳහා පෙර පාසල් දරුවන් 43 දෙනෙකු, දෙමාපියන් 43 දෙනෙකු සහ පෙර පාසල් ගුරුවරියන් 03 දෙනෙකු සහභාගී විය. සංචාරය අතරතුර ඔවුන් පොළොන්නරුවේ නටබුන් (ගල් විහාරය, වටදාගේ, ථූපාරාම ස්ථූපය, තිවංක පිළිමය) සහ පොළොන්නරුවේ ළමා උද්‍යානය නැරඹීමට ගොස් ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) හි සෙබලුන් සහ 5 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සෙබලියන්ද මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර ප්‍රවාහන පහසුකම් සඳහා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) විසින් සපයන ලදී.