Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th September 2022 16:23:28 Hours

නැගෙනහිර බළප්‍රදේශයට අයත් භඨපිරිස් විසින් පාණ්ඩිරිප්පු, ඔලුවිල්, කාර්තිව් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් දියත් කරති

ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සහ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව පාණ්ඩිරිප්පු, ඔලුවිල්, කාර්තිව් වෙරළ තීරය ආශ්‍රිතව ඉවතලන දවටන, පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් සහ කෑන්, හිස් මත්පැන් බෝතල් ආදිය ඉවත්කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් නැගෙනහිර බළප්‍රදේශයට අයත් බසේමු, ඒකකයන්හි නිළධාරී හා සෙසුනිළයින් විසින් සිදු කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබිපි ආර්ඒස්පි ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම යටතේ මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලද්දේ මහජනතාවගේ ආකල්පමය පිබිදීමක් ඇති කිරීම සහ ප්‍රජා දායකත්වය ආකර්ශනය කර ගනිමින් වෙරළබඩ හා සමුද්‍ර සම්පත්වල වටිනාකමක් ලබාදීම සඳහාය.

ඒ අනුව, අම්පාර, 241 වන පාබල බළසේනාව, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 2022 සැප්තැම්බර් මස 21, 22, 23 සහ 24 යන දිනයන්හිදී පාණ්ඩිරිප්පු, ඔලුවිල්, කාර්තිව් වෙරළ තීරයන්හි ඇති කසල ඉවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ඒ ඒ ප්‍රදේශවල වෙසෙන සාමාන්‍ය ජනතාවගේ සහයෝගයද ලබාදෙන ලදී.

තවද 242 වන පාබල බළසේනාවේ භඨපිරිස්, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහාය ඇතිව ආරුගම්බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මේ අතර කල්ලඩි වෙරළබඩ ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා 231 වන පාබල බළසේනාවේ භඨපිරිස්, 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් සහ 233 වන පාබල බළසේනාවේ භඨපිරිස් විසින් මෙම වටිනා කර්තව්‍ය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී.