25th April 2022 16:05:07 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම මත 233 පාබල බළසේනාවේ භටපිරිස් විසින් කදිරවේලි විග්නේෂ්වරම් කනිෂ්ඨ විද්‍යාලය, පනිච්චන්කේනි තිරුමගල් විද්‍යාලය, කන්දලඩි අරුන්තති විද්‍යාලය, වම්මිරඩ්ඩවාන් විද්‍යාලය සහ වාකරෙයි මහා විද්‍යාලයන්හි 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් උපාංග බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
233 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂඨ නිළධාරී ගේ ඉල්ලිමක් මත කුරුණෑගල මුරුගන් ව්‍යාපාර හිමිකරු සුරේෂ් මහතා මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.
ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, පාසල්වල විදුහල්පතිවරුන් ඇතුලු ගුරුවරුන් සහ සිසුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී විය.