
මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්එස් පිඑස්සී
(නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක රෙජිමේන්තුවේ කර්නල් සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කවුන්සිලයේ සභාපති)
මේජර් ජෙනරාල් පීආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී යනු අධ්‍යාපනික හා ක්‍රීඩාවේ දස්කම් දැක්වූ විනය, නායකත්වය සහ කැපවීම් වලින් හෙබි කොළඹ ආනන්ද විද්‍යාලයේ සාඩම්බර ආදිශිෂයෙකි. ඔහු 1990 ජුලි 14 වන දින බඳවා ගැනීමේ පාඨමාලා අංක 34 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. ඔහු ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව ආරම්භ කළ අතර පසුව 1992 ජූලි 02 වන දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය වෙත ඇතුලත් විය.
මේජර් ජෙනරාල් පීආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කණ්ඩභාර නිළධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඉන් අනතුරුව විවිධ පත්වීම් සහ නිලතලවල විවිධ වගකීම් දරමින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද හමුදා මෙහෙයුම් බහුතරයකට සහභාගි විය. ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සහ කැරලි මර්දන මෙහෙයුම් යන ක්ෂේත්රවල දීර්ඝ සේවාවක් සහ පළපුරුද්දක් එතුමන් සතුව පවතී. මේජර් ජෙනරාල් රවී පතිරවිතාන 9 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (ආධාරක) 8 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (ආධාරක) සහ 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (ආධාරක) යන බළකායන්හි අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි ඉටුකලහ.
මේජර් ජෙනරාල් රවී පතිරවිතාන හයිටි හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය සමඟ රාජකාරි ඉටුකල අතර ඔහුගේ ධුර කාලය තුළ ඔහුගේ පුළුල් නායකත්වය සහ මෙහෙයුම් විශේෂඥභාවය පෙන්නුම් කර ඇත. මෙහෙයුමේ මෙහෙයුම් රාමුවේ තීරණාත්මක අංශ අධීක්ෂණය හා කළමනාකරණය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මේජර් ජෙනරාල් රවී පතිරවිතාන 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටුකරමින් සිටියදී වර්තමාන පත්වීම් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක රෙජිමේන්තු අධිපති යන තනතුරු භාරගත් එතුමන් වත්මන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වශයෙන්ද වගකීම ඉටුකරයි.
මේජර් ජෙනරාල් රවී පතිරවිතාන විසින් ප්‍රධාන දරණු ලැබු අණදීමේ පත්වීම්:
- කණ්ඩභාර නිලධාරී - 1 වන සහ 3 වන පාබල හමුදාව
- කණ්ඩභාර නිලධාරී 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
- 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන බලඝණ නිලධාරී අණදෙන
- නිලධාරි අණදෙන ,නිලධාරී බඳවා ගැනීමේ පුහුණු බලඝණය - ACTC
- බලඝණ නිලධාරි අණදෙන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය
- දෙවන අණදෙන නිලධාරී 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
- අණදෙන නිලධාරී 9 වැනි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය (ආධාරක)
- එක්සත් ජාතීන්ගේ ආරක්ෂක රාජකාරි (හයිටි රාජ්‍යය)
- අණදෙන නිලධාරී 8 වැනි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය(ආධාරක)
- අණදෙන නිලධාරී 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය(ආධාරක)
- සේනාවිධායක - ACTC
- බළසේනාධිපති 662 පාබල බලසේනාව
උපදේශක පත්වීම්:
ප්‍රධාන උපදේශක - සන්නාහ සන්නද්ධ රථ පුහුණු මධ්‍යස්ථානය
- පුහුණු උපදේශක - අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද
- පාඨමාලා භාර නිලධාරී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය
ඔහු විවිධ මණ්ඩලික තනතුරු හොබවා ඇත.
- මාණ්ඩලික නිලධාරි III - සන්නද්ධ බලකාය.
- බළසේනා මේජර් - සන්නද්ධ බලකාය
- මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා) මුලස්ථානය OCC
- කර්නල් මාණ්ඩලික ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය.
- කර්නල් පාලන විධායක ජෙනරාල් ශාඛාව යුද්ධ හමුදා මුලස්ථානය
- බ්‍රිගේඩිර් සම්බණ්ධීකරණ - අණ හා මාණ්ඩලික විද්‍යාලය බටල්ලන්ද
- මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂක - යුද්ධ හමුදා මුලස්ථානය
ශාස්ත්‍රීය ජයග්‍රහණ
- මේජර් ජෙනරාල් රවී පතිරවිතාන යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය ශ්‍රී ලංකාව සහ එක්සත් රාජ්‍ය හමුදා යුද විද්‍යාල පාඨමාලාව මගින් ශ්රාස්ත්රපති උපාධි ලබා ඇත.
- ඇමරිකානු යුධ විද්‍යාලයෙන් උපාධියක් ලබා ඇත.
- GIS පාඨමාලාව කැළණි විශ්ව විද්‍යාලය.
- එක්සත් ජාතීන්ගේ සාමසාධක නිරීක්ෂක නිලධාරී පාඨමාලාව - සාමසාධක පුහුණු පාසල කුකුලේගග.
- සාමසාධක රාජකාරී පාඨමාලාව - සාමසාධක පුහුණු පාසල කුකුලේගග
- උපාය මාර්ගික අධ්‍යන ඩිප්ලෝමාව.
- ආරක්ෂක අධ්‍යනය පක්ෂාත් උපාධිය.
පුහුණු පාඨමාලා
- නිලධාරී පාර් එක්සලන්සි පාඨමාලාව
- මූලික තරුණ නිළධාරි පාඨමාලාව පකිස්ථානය
- කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව
- රේඩියෝ උපදේශක පාඨමාලාව - ඉන්දියාව.
- සංග්‍රාමික කණ්ඩායම් නිලධාරී අණදෙන පාඨමාලාව - ඉන්දියාව.
- ආපදා කලමණාකරන පාඨමාලාව - කෙන්නියාව.
- ඇමරිකානු යුද්ධ විද්‍යාලීය පාඨමාලාව - ඇමරිකාව.
- අණ හා මාණ්ඩලික පාඨමාලාව බටලන්ද
ත්‍රස්ත මර්දන මෙහෙයුම්වලදී ඔහු දැක්වූ නිර්භීතකම සහ සේවය අගයමින් එතුමන් හට හිමිගැන්වූ පදක්කම්
- උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම
- පූර්ණ භූමි පදක්කම
- උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම
- රිවිරැස ප්රචාරක පදක්කම
- එක්සත් ජාතීන්ගේ පදක්කම
- විදේශ සේවා පදක්කම
- 50 වැනි නිදහස් සංවත්සර පදක්කම
- දීර්ඝ සේවා පදක්කම්
- සේවාබිමානි පදක්කම
- සේවා පදක්කම
- විදේශ සේවා පදක්කම
- එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි පදක්කම
- 75 වැනි නිදහස් සංවත්සර පදක්කම
පුද්ගලික ජීවිතය
මේජර් ජෙනරාල් රවි පතිරවිතාන සුමංගලී පතිරවිතාන මහත්මිය සමඟ විවාහ වී සිටින අතර පුතෙකු සහ දියණියකගේ ආදරනීය පියෙකි.