Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th June 2018 12:17:18 Hours

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ආසේමු(නැ) සංචාරය

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් යුවයිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් එස්එම් වීඑස්එම් ඒඩීසී 2018.05.16 දින ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් 22 සේනාංකය වෙත පැමිණෙන ලදි.

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිස ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සන්තුසිත පනන්වල ජ්යෙලෂ්ඨ නිළධාරින් විසින් පිලිගන්නා ලදි. ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ආරක්ෂක සේනා ආඥාපති අදහස් හුවමාරැ කර ගැනිමේන් පසු එදින රාත්‍රි භෝජන සංග්‍රහයක් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙනුවෙන් පවත්වන ලදි. එහිදි සමරු තිළිණද හුවමාරු කර ගන්නා ලදි. තවද පසු දින අළුයම ත්‍රිකුණාමලය කොනේශ්වරම් කොවිලේ පැවැති පුජාවටද ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතළු පිරිස හා ආරක්ෂක සේනා ආඥාපති සහභාගිවිය.