Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st April 2018 16:57:06 Hours

අන්තර් පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම් තරගාවලිය අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.

22 වන සේනාංකය හා ත්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද අන්තර් පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම් තරගාවලිය ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ක්‍රිඩාංගනයේදී 2018 මාර්තු මස 10 වන දින පවත්වන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ත්‍රිකුණාමලය අගරදගුරු නොයෙල් එමිමානුවෙල් පියතුමා හා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගීවන ලදි. මෙම අන්තර් පාසල් තූර්ය වාදක කණ්ඩායම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශාන්ත ජෝෂප් විද්‍යාලයත්,දෙවන ස්ථානය ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයත්, තුන්වන ස්ථානය ශාන්ත මෙරි විද්‍යාලයත් හිමිකරගැනීමට සමත් විය.

ගජබා රෙජිමේන්තුවේ තුර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද තූර්ය වාදක සංදර්ශනය හා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද සුනඛයින්ගේ සංදර්ශනයද සියලුදෙනාගේ සිත් ඇද බැද ගන්නා ලදි.