Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

'කොරල් කෝව්' යුද්ධ හමුදා සුභසාධන නිකේතනය කායන්කේනි

'කොරල් කෝව්' යුද්ධ හමුදා සුභසාධන නිකේතනය කායන්කේනි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් පාලනය කරනු ලබන 'කොරල් කෝව්' යුද්ධ හමුදා සුභසාධන නිකේතනය කායන්කේනි පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අඩු ජනාකීර්ණ පරිසරයක වන අතර එය නොගැඹුරු සුන්දර පිරිසිදු ස්වාභාවික වෙරළ තීරය, පැහැදිලි ජලය සහ කොරල්පර දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියය.

'කොරල් කෝව්' යනු අතිශයින් නොගැඹුරු පළිඟු සහිත පැහැදිලි ජලයෙන් යුතු සිත් ඇදගන්නාසුළු කොරල්පර සහ විවිධ වර්ණවත් නිවර්තන මත්ස්‍යයන් සමඟින් ස්නානය කිරීම සඳහා ආරක්ෂිත සහ සුදුසුම පහසුකම් සහිත ස්ථානයක් වන අතර එය ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා නවීන පහසුකම්වලින් සහ සේවාවලින් සමන්විතව නිර්මාණය කර ඇති කදිම ස්ථානයකි.

එය පිහිටා ඇත්තේ වාලච්චානයි නගරයේ සිට කිලෝමීටර් 10ක් දුරින් කායන්කේනි ප්‍රදේශයේ යුධ හමුදාව සතු ඉඩමකය.

‘කොරල් කෝව්’ නිවාඩු නිකේතනයට ආසන්නයේ පිහිටි ඓතිහාසික ආගමික ස්ථානය ඇතුළු නැගෙනහිර පළාතේ ආකර්ෂණ ස්ථාන පහත පරිදි වේ.

ත්‍රීකුණාමලය

මඩකලපුව

පොලොන්නරුව

ෆෙඩ්රික් කොටුව මඩකලපුව ප්‍රදීපාගාරය ගල් විහාරය
ගෝකණ්ණ විහාරය මඩකලපුව කොටුව සෝමාවතිය පන්සල
සේරුවාවිල පන්සල මුහුදු මහා විහාරය දිඹුලාගල අසපුව
කෝනේෂ්වරම් හින්දු කෝවිල කල්ලඩි පාලම දඹුල්ල
නිලාවේලි වෙරළ තොප්පිගල සීගිරිය
මාබල් වෙරළ  

පරාක්‍රම සමුද්‍රය

ගිරිහඬු සෑය    
යුධ සුසාන භූමිය


   

පහසුකම්

කාමර

පහසුකම්

වෙනත් පහසුකම්

04 x වායු සමීකරණ කාමර

එක් කාමරයක - 05 Adults

BBQ පහසුකම්

 

සියලු කාමර  - 20 Adults

R & R ප්‍රදේශ - 1

   

R & R ප්‍රදේශ - 2

    වෙරළ තීරයේ පාපන්දු සහ වොලිබෝල් ක්‍රීඩා කිරීමේ පහසුකම
    සෑම කාමරයකම ආහාර සහ රූපවාහිනී පහසුකම්

ගාස්තු

 

එක් දිනක් සඳහා වෙන්කරවා ගැනීම

එක කාමරයක්

කාමර දෙකක්

කාමර තුනක්

කාමර හතරක්

ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා නිලධාරීන් සඳහා

Rs.3000.00

Rs.6000.00

Rs.12000.00

Rs.20000.00

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් සදහා

Rs.5000.00

Rs.10000.00

Rs.20000.00

Rs.30000.00

නාවික, ගුවන් සහ පොලිස් නිලධාරීන් සඳහා

Rs.6000.00

Rs.12000.00

Rs.24000.00

Rs.32000.00

විශ්‍රාමික හමුදා නිලධාරීන් සඳහා

Rs.3000.00

Rs.6000.00

Rs.12000.00

Rs.20000.00

කාමර වෙන්කරවා ගත් යුධ, නාවික, ගුවන් සහ පොලිස් සේවයේ නියුතු නිලධාරියා නොපැමිණි විට

Rs.10000.00

Rs.20000.00

Rs.30000.00

Rs.40000.00

සිවිල් පුද්ගලයින්

Rs.10000.00

Rs.20000.00

Rs.30000.00

Rs.40000.00

ආසේ(නැ) ආඥාපති ලෙස සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සදහා

Rs.2500.00

Rs.5000.00

Rs.7500.00

Rs.10000.00

බාහිර පහසුකම් මූලික ගාස්තු (පැය 04 සඳහා) සෑම අමතර පැයකටම ගාස්තු

R & R ප්‍රෙද්ශ - 1

Rs.7500.00

Rs.1000.00

R & R ප්‍රෙද්ශ - 2

Rs.7500.00

Rs.1000.00

පාරිභෝගිකයන් සඳහා මූලික උපදෙස්

1. නිවාඩු නිකේතනය වෙන්කරවා ගැනීමේ පහසුකම් නිවාඩු නිකේතන කළමණාකරු සතුව ඇති අතර අයදුම්පත් අපේක්ෂිත දිනට දින 4කට පෙර අත්තිකාරම් ගෙවීමක් (මුළු මුදලින් 50%) සමඟ එවිය යුතුය.

2. වෙන්කරවා ගැනීම අවලංගු කළහොත්, වෙන්කරවා ගන්නා දිනට දින 7කට පෙර නිකේතන කළමනාකරුට දුරකථනයෙන් හෝ ලිඛිතව දැනුම් දිය යුතු අතර මුදලින් 25%ක් අය කෙරේ.

3. උපරිම දින 03ක් වෙන් කළ හැක. පොරොත්තු ලේඛනයේ කිසිවෙකු නොමැති නම් එය දිගු කළ හැකිය.

4. නවාතැන් කාලය: පැමිණි දිනයේ 1200 පැය සිට පිටත්වන දිනයේ 1000 පැය දක්වා වේ.

5. එක් කාමරයක නවාතැන් ගත හැක්කේ උපරිම පුද්ගලයින් 5 දෙනෙකුට පමණි.

6. භාණ්ඩ හා කාමර/ගෘහභාණ්ඩ සහ උපකරණ ඉතා පරිස්සමින් පරිහරණය කිරීම ඔබ සතු වගකීමකි. නොසැලකිලිමත්කම නිසා සිදු වූ හානි සඳහා ඔබෙන් අය කරනු ලැබේ.

7. වෙන්කරවා ගත් දිනට දින 5කට පෙර දැනුම් දීමෙන් පසු සාධාරණ කරුණක් හේතුවෙන් හමුදා නිලධාරියෙකු හෝ සිවිල් වැසියෙකු විසින් වෙන් කරවා ගැනීම අවලංගු කිරීමේ බලය ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) සතු වේ. තවද රාජකාරීමය අවශ්යතාවයක් සඳහා, එය වෙන්කරවා ගන්නා දිනට දින 3කට පෙර දැනුම් දිය හැක.

8. පුද්ගලයෙකු වෙන්කරගත් දින ගණනට වඩා අඩු දින ගණනකට නවාතැන් ගත්තද, ඔහුට ඉතිරි මුදල ආපසු නොගෙවන අතර මුළු මුදලම අය කෙරේ.

9.නිවාඩු නිකේතනය වෙන් කිරීමේදී මුලින්ම අයදුම් කළ අයට ප්රමුඛත්වය දෙනු ලැබේ.

10. කාමර වෙන් කිරීමේදී අදාළ හමුදා නිලධාරීන් සිටිය යුතු අතර එසේ නොමැති නම් සිවිල් වැසියෙකු ගෙවන මුදලම අය කෙරේ.

ඇමතුම් විස්තර

  • නිවාඩු නිකේතන කළමනාකරු : මේජර් යූ ඩබ්ලිව් ඒ තිලකරත්න ගැහේබ
  • දුරකථන අංකය : 0773615719
  • ලිපිනය : 'කොරල් කෝව්' යුද්ධ හමුදා සුභසාධක නිකේතනය, වෙරළ පාර, කායන්කර්නි
  • විද්යුත් තැපෑල: coralcoveresort@gmail.com
  • වෙබ්: https://alt.army.lk/sfhqeast/places