Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th November 2022 21:38:41 Hours

“මන්මුනේ” ක්‍රීඩා පිටිය ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති විසින් විවෘත කරන ලදී.

දිවයිනේ නැගෙනහිර කොටසේ "මඩකලපුව" පරිපාලන දිස්ත්‍රික්කයේ "මන්මුනේ" බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් "පාවඩිකොචචිවේනයි" ප්‍රදේශය "මුස්ලිම් සහ දෙමළ" බහුලව ජීවත් වන "ඉතා දුෂ්කර" ප්‍රදේශයකි. "අඩු ආදායම්ලාභී" පවුල් එහි වෙසෙන අතර, විවිධ සිවිල් කටයුතු වැඩසටහන් හරහා ඔවුන්ගේ ජන ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා විවිධ මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් සැපයීමට හමුදා භට පිරිස් මෙම ප්‍රදේශයට මැදිහත් වේ.

එබැවින් “මඩකලපුව” “මන්මුනේ” බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “විනයානගර්” පාසලේ පාසල් සිසුන් 460 ක් ඉගෙනුම ලබන අතර, ඒම පාසලට අයත් සිසුන් විනයානගර් පාසලේ විදුහල්පතිවරයා පාසලට ක්‍රීඩා පිටියක් නොමැති බවත්, ක්‍රීඩා පිටියක් සකස් කර දෙන ලෙස මෙම මූල ආඥාපති වන මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන ලදි. ඉන් අනතුරුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් "මන්මුනේ" ප්‍රදේශයේ අක්කර 1.75 ක භූමි ප්‍රදේශය ක්‍රීඩාංගණයක් සෑදීමට ලබා දුන් අතර, ඉන් අනතුරුව පාසල සඳහා නිසි ක්‍රීඩා පිටියක් සකස් කිරීමට මෙම මූල ආඥාපති සැළසුම් කළේය.

ඒ අනුව ක්‍රිඩා පිටිය සකස් කිරිමේ මූලික සැලැස්ම සකස් කිරීමෙන් අනතුරුව 7 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සහ 3 වන ඉංජිනේරු සේවා ඉදිකිරීම් බලකාය සමඟ මෙම ක්‍රීඩා පිටි ව්‍යාපෘතිය සකස් කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇති අතර, ඒ සඳහා සේනාංකාධිපති විසින් “රාජ්‍ය නොවන සංවිධානය” “CTHA” (කැනේඩියානු දෙමළ මානුෂීය සංගමය) සහ ඉංජිනේරු සහය මගින් පූර්ණ අනුග්‍රහය ලබා ගැනීමේ ගිවිසුම ලබා ගැනීමෙන් පසු රුපියල් 6,025,000.00 (රුපියල් හැට ලක්ෂ විසිපන්දහසක්) සඳහා ක්‍රීඩා පිටිය සකස් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීය. 7 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ආරක්ෂක සේනා (නැගෙනහිර) භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන්, යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමාගේ අධීක්ෂණය යටතේ 2022 ජූලි මස 09 වන දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

තවද, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමාගේ මගපෙන්වීම සහ ආශිර්වාදය ඇතිව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්වල දැඩි පරිශ්‍රමය සහ නොපසුබස්නා ධෛර්යය ඇතිව, දින 65 ක් තුළ දර්ශනීය ක්‍රීඩා පිටියක් ඉදිකරන ලදී, ආරක්ෂක සේනා (නැගෙනහිර), ආඥාපති, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 231 පාබල බලසේනාවේ බළසේනාධිපති මෙම වටිනා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වරින් වර අධික්ෂණය කර "අවශ්‍ය උපදෙස්" ලබා ලබාදුන් අතර, මෙම මූල ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 4 වන බලඇණි ගැමුණු හේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් විසින් අනුග්‍රාහක සංවිධානයේ දායකත්වය සහ සහාය ඇතිව සියලුම සම්බන්ධීකරණ කටයුතු නිරතුරුවම මෙහෙයවනු ලැබිය.

ආරක්ෂක සේනා(නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන සහ ආඥාපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි වි බා/මන් විනයාගරන් පාසලේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ක්‍රීඩා පිටිය නොවැම්බර් 11 දින පෙරවරු 1030 ට විවෘත කරන ලදී. 23 පාබල සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රුවන් වනිගසූරිය , පරිත්‍යාගශීලී “CTHA” ආයතනයේ සාමාජිකයින්, 231 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, කලාප අධ්‍යාපන සහය අධ්‍යක්ෂ, මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, විනයානගර් පාසලේ විදුහල්පති පුෂ්පහරන් මහතාගේ සහභාගීත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, සෙසු නිලයින් සහ ගුරුවරුන්, විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් මෙන්ම අවට ගම්මානවල ජනතාව සහ විද්‍යාලයේ විශේෂ සිසුන් ද සහභාගි විය. මෙම ක්‍රීඩා පිටිය සකස් කිරීම පිළිබඳව සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, යුද හමුදාවේ භටපිරිස් හට සහ පරිත්‍යාගශීලී ආයතනයේ නියෝජිතයින්ට ස්තුතිය පුද කළේය.

මෙම වටිනා ක්‍රීඩා පිටිය ඉදිකිරීමෙන් පසු එම ප්‍රදේශයේ ඉගෙනුම ලබන පාසල් සිසුන්ට මෙන්ම එම ප්‍රදේශයේ වෙසෙන “තරුණයින්ට” ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රදේශයේ විවිධ උත්සව සඳහා ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය ඉටු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත් විය. මෙම ප්‍රදේශයට මෙවැනි ක්‍රඩා පිටියක් සැකසිම තුලින්, එය නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වන සහෝදර ජනතාවගේ "හදවත" තුළ "සෑම විටම මතකයේ" පවතිනු ඇත. එය ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස සාර්ථකව නිම කරන ලදී.