Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th July 2022 11:13:03 Hours

හරිත කෘෂිකාර්මික සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භඨපිරිස් විසින් වී අස්වනු නෙලා ගනිති.

ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද හරිත කෘෂිකාර්මික සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භඨපිරිස් 2022 අප්‍රේල් මස මයිලවැව ප්‍රදේශයේ අක්කර 1.5 ක භූමි ප්‍රදේශයක වී වගා කළහ.

මෙම වැඩසටහන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් බී ඩබ්ලිව් එම් ආර් එස් පී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 223 වන පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධික්ෂණය යටතේ පවත්වන ලදී.

මාස 3ක් සම්පූර්ණ වූ පසු මයිලවැවේදී පැවැත්වු අස්වනු නෙළීමේ උත්සවයේදී වී කිලෝ ග්‍රෑම් 1750 නෙලාගත් අතර, මෙම උත්සවය සදහා 223 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන නිළධාරී, 223 වන පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි, නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.