Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th November 2023 15:16:38 Hours

හමුදාවේ ගිණුම්කරණ ක්‍රියා පටිපාටි පිළිබඳ 23 පාබල සේනාංක භඨපිරිස් සඳහා අධ්‍යාපනික සැසියක්

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ගිණුම් කාර්යාලය විසින් 23 වන පාබල සේනාංකයේ සහ එහි යටතේ වන ඒකකවල භඨපිරිස් සඳහා යුද්ධ හමුදා ගිණුම්කරණ ක්‍රියා පටිපාටි පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුවක් සංවිධානය කරන ලදී. ගිණුම්කරණ ක්‍රියා පටිපාටි පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ඉහළ නැංවීම සහ වර්ධනය කිරීම මෙන්ම විවිධ කේෂ්ත්‍රයන් හරහා ඔවුන්ගේ නිවැරදි ක්‍රමයන් භාවිතා කිරීම මෙහි අරමුණ විය. මෙම වැඩමුළුව 2023 නොවැම්බර් 14 වන දින පුනානි හි 23 පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ආරක්ෂක සේනා (නැගෙනහිර) ගණකාධිකාරී මේජර් එමි යු අයි සි ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ඔහුගේ කණ්ඩායම විසින් වන අතර, මෙම වැඩමුළුව මූලස්ථානයන්හි මුල්‍ය කටයුතු සඳහා වගකිව යුතු ලිපිකරුවන් ඉලක්ක කර ගන්නා ලදී. මෙම සැසිය සඳහා ගිණුම් ලිපිකරුවන් 70ක් පමණ සහභාගී වූ අතර, යුද හමුදාව තුළ විවිධ මූල්‍යමය කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් සහ ඔවුන්ට මුහුණ දීමට සිදු විය හැකි ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දෙන ලදී.

මෙම මුලපිරීම ඉතා ඵලදායී සැසියක් ලෙස ඵලදැරූ අතර, සහභාගිවන්නන්ට සැකයන් පැහැදිලි කර ගැනීමට සහ නිවැරදි ක්‍රියා පටිපාටිවල යෙදීමට අවස්ථාව සලසා දී ඇත. මෙහි සමස්ත ඉලක්කය වූයේ යුද හමුදාව තුළ මූල්‍ය කටයුතුවලදී වැරදි අවම කිරීම සහ වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීමයි.