Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th June 2023 16:39:26 Hours

සොරකම් කරන ලද යතුරුපැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම

24 වන පාබල සේනාංකයේ ආරක්ෂක සැලැස්මට අනුව 241 වන පාබල බලසේනාවට අයත් 11 වන ශ්රීම ලංකා ජාතික ආරක්ෂක බලමුලුව අක්කරෙයිපත්තුව - අම්පාර ප්රාධාන මාර්ගයේ ස්ථිර මාර්ග බාධකයක් යොදවා ඇති අතර, 2023 ජුනි 2 වන දින අක්කරපත්තුව නගරයේ නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙන මාර්ග බාධකය හරහා ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව අධික වේගයෙන් යතුරු පැදියක් පදවාගෙන පැමිණි පුද්ගලයෙකු මාර්ග බාධකය රාජකාරියේ නිරත වූ භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශණ සඳහා අක්කරෙයිපත්තු පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.