Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th October 2023 12:15:42 Hours

සුනාමි පුහුණු අභ්‍යාසය "IO WAVES 2023" කුච්චවේලිහිදී පවත්වන ලදී

සුනාමි ව්‍යසනයේ අනාගත අභියෝගය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කුච්චවේලි ප්‍රදේශයේ ඕනෑම සුනාමි තත්ත්වයකට එරෙහිව ප්‍රජාව දැනුවත් කිරීමේ අභ්‍යාසයක් පවත්වන ලදී. 2023 ඔක්තෝබර් 04 වැනි දින පුදවයිකඩ්ඩු මතුරන්කුඩා සාගරපුර ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව ඉවත් කිරීම සහ අන්-නූර් මුස්ලිම් විද්‍යාලය කුච්චවේලි සිසුන් ඉවත් කිරීම මෙම අභ්‍යාසයේදී සිදු කරන ලදී.

මෙම අභ්‍යාසයේදී සුනාමි තත්ත්වය පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ජීවත් වූ සිවිල් වැසියන් 700ක් විනාඩි 45ක් ඇතුළත ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී. තවද අන්-නූර් මුස්ලිම් විද්‍යාලයෙහි සිසුන් 353 ක් සහ ගුරුවරුන් 20 ක් විනාඩි 20 ක් ඇතුළත ආරක්ෂිත ස්ථානයකට ගෙන යන ලදී. යුධ හමුදා නිලධාරීන් 03 ක් හා සෙසුනිලයින් 53 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 01 හා සෙසුනිලයින් 20 දෙනෙකු, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 03 හා කොස්තාපල්වරු 20 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සහභාගී වු අතර වර්ල්ඩ් විෂන් ආයතනය, ළමා අරමුදල, ඛනිජ තෙල් සංස්ථාව, රතු කුරුස සංවිධානය වැනි සංවිධානවල නියෝජිතවරු, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාර්ය මණ්ඩලය, මහජන සෙෳඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරුන්, මුස්ලිම් පල්ලි සභාපතිවරු මෙම අභ්‍යාසය සම්බන්ධීකරණය කිරීමට සහභාගී විය.

මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ කේ එස් පැරකුම් ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සමීප අධීක්‍ෂණය සහ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, ත්‍රිකුණාමලය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් 20 වන ගජබා රෙජිමේන්තුව විසින් මෙම අභ්‍යාසය සංවිධානය කරන ලදී.